ඉදිරි අයවැයෙන් ජනතා සහන රැසක්

වංචනිකයන් හා දූෂිතයන්ට දඬුවම් ලබා දෙන ජනතා සටන අත්හැර නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික ජනබලවේගයේ ජන රැළි මාලාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඊයේ (19) ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරියේ දී ගෙන එන අයවැය තුළින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමටත් පාසල් දරුවන්ට දීමනාවක් ලබාදීමටත් දිළිඳු සහ ආබාධිත ප්‍රජාවට ලබාදෙන දීමනාව ඉහළ දැමීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ ය.