එළඹෙන උත්සව සමය වෙනුවෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන බලධාරීන් දැනුම් දී ඇත.
ඒ අනුව හෙට (24) දිනයේ සිට උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස්රථ 50ක් ධාවනයට එක් කිරීමටත්, අවශ්‍ය වුවහොත් අතිරේක බස්රථ යෙදවීමටත්, සියලු ඩිපෝ කළමනාකාරවරුන් දැනුවත් කර ඇති බවත් වාර්තා වේ.
තවද අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථ ප්‍රමාණය ද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා තවත් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බවත් ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දී ඇත.
මේ අතර එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (23) සිට මගී බස් රථ ඇතුළු රථවාහන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේ සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් දී ඇත.