ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් එල්ලවූ මරණ තර්ජන නිසා රට හැර ගියා.- හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.

2015 පෙබරවාරි මස 27 වැනිදා සිකුරාදා

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් තමන් ශී‍්‍ර ලංකාව අතහැර ගිය බව හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පි‍්‍රශාන්ත ජයකොඩි පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් . පසුගිය කාළයේ මට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හරහා මහ පුදුම විදියට තර්ජන ආවා . ඒ එහි හිටිය හෙන්චයියෝ හරහා, ඒ කාලයේ සිදුවෙච්ච සිදුවීම් එක්ක මට බියක් ඇතිවුනා අනිවාරයෙන් මේ රටේ තවදුරටත් හිටියොත් මගේ ජිවිතයට ලොකු අනතුරක් සිදුවෙයි කියලා.

  • 38
  • 0
  • 0

මහාපරිමාණ මූල්‍ය වංචා සෙවීමේ පොලිස් කොට්ඨාසය අද අරඹයි.

2015 පෙබරවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා

මහාපරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කිරීමේ පොලිස් කොට්ඨාසය කොළඹ 03, කාවිල් පෙදෙස, අංක 356/බී දරන ස්ථානයේදී අද අරඹන බව වාර්තා වෙයි. මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරෙන අතර ඊට එම අමාත්‍යංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර ද සහභාගි වනබව තවදුරටත් සදහන් වෙයි.

  • 38
  • 0
  • 0

සජින් සහ මහින්දානන්දගෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කරයි.

2015 පෙබරවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා

දූෂණ විරෝධී හඬ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කල පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප‍්‍රශ්න කර ඇත. මුදල් විසුද්ධි කරන පනත යටතේ ඔවුන් දෙදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි පවසයි.

  • 35
  • 0
  • 0

සිංහල කොටින්ට පණ දීලා. සිංහල රාවය හෙළිකරයි.

2015 පෙබරවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා

රාජ්‍ය නොවන සංවිධාන එක්ව සිංහල කොටින්ට යළි පණ දීමේ කි‍්‍රයාවලියක් අරඹා ඇතැයි සිංහල රාවය සංවිධානය පවසයි. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව පැවසුවේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ය. රාජ්‍ය නොවන සංවිධාන බුද්ධි අංශ නිලධාරීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළකද නිරත වෙමින් ඇති බවයිද තවදුරටත් සුදත්ත හිමියන් පෙන්වා දෙයි.

  • 48
  • 0
  • 0

පෞද්ගලික අංශයේ අයටත් විශ‍්‍රාම වැටුප්

2015 පෙබරවාරි මස 26 වැනිදා බ්‍රහස්පතින්දා

සියලූ වැඩකරන ජනතාවට කඩිනමින් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමති පෙන්වා දුන්නේ දින සියයේ වැඩසටහන යටතේ පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන කටයුතු දැනටමත් සැලසුම් කර ඇති බවය.

  • 74
  • 0
  • 0

තලමස්සුන් සිටියදී හාල්මැස්සෙන් අල්ලන අල්ලස් කොමිසම .

2015 පෙබරවාරි මස 25 වැනිදා බදාදා

රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු සහ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු සමන්තුරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. තොරු මෝරු නිදැල්ලේ සිටියදී හාල්මැස්සන් පමණක් ඇල්ලීම අල්ලස් කොමිසමේ සාමාන්‍ය ක්‍රියාවලියදැයි බව ජනතාව ප්‍රශ්න කරයි.

  • 54
  • 0
  • 0

ජාතික ආණ්ඩුවක් හදනවාද ? සාකච්ඡා හෙට.

2015 පෙබරවාරි මස 25 වැනිදා බදාදා

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ඡා හෙට ආරම්භ වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ඔහු මේ බව පැවසුවේ භික්‍ෂුන් වහන්සේ පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවක දීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය කිරීමේ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද , බුදුදහම ආරක්‍ෂා කිරීම සඳහා වන නීති කිහිපයක් දින සියයේ වැඩපිළිවෙල යටතේ සම්මත කර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.

  • 53
  • 0
  • 0

විමල්ගේ බිරිඳ මාලඹෙන් වැලිකඩට

2015 පෙබරවාරි මස 25 වැනිදා බදාදා

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඇය මීට ඇය පෙර ප්‍රතිකාර ලැබු මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලකය. ශෂී වීරවංශ රක්‍ෂිත බන්ධනාගාරගත සැකකාරියක් වන බැවින් වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇය රැගෙන විත් ඇත්තේ ඒ අනුවයි.

  • 95
  • 0
  • 0

අපේ නැවක් ඉන්දියාවට

2015 පෙබරවාරි මස 27 වැනිදා සිකුරාදා

කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත්‍රාව ඉන්දීය රජය වෙත භාරදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ නැව් තටාකාංගනයේදී පැවැත්විය. ඒ නැව සදහා ඩොලර් මිලියන 29.5 ක මුදලක් ඉන්දියාවෙන් අය කළ බව ආයෝජන මණ්ඩලයේ සභාපති පවසයි.

  • 34
  • 1
  • 0

මහනුවර ප්‍රදේශ කිහිපයක ජලය කපයි.

2015 පෙබරවාරි මස 25 වැනිදා බදාදා

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන බ්‍රහස්පතින්දා (26) පැය 24ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

  • 33
  • 0
  • 0

Connect With Us