ඇමති ධුර 45 යි.

2015 අ‌ගෝස්තු මස 27 වැනිදා බ්‍රහස්පතින්දා

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 කට සීමා වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් පවසයි. එනමුත් ඇමති ධුර එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදී යන්නේ කුමන අනුපාතයකට දැයි තවමත් ප‍්‍රකාශ කර නොමැත. නව ආණ්ඩුවේ බැංකු සහ මූල්‍ය අමාත්‍යවරයා ලෙස කබීර් හෂීම් පත්කෙරෙනු ඇති බව සදහන්. මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක ද විදේශ ආයෝජන අමාත්‍යවරයා ලෙස මලික් සමරවික‍්‍රම සහ මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන ද පත්කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

  • 118
  • 0
  • 0

සන්ධානයේ ජාතික ලැයිස්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

2015 අ‌ගෝස්තු මස 27 වැනිදා බ්‍රහස්පතින්දා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් සන්ධානයේ හමුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. දැනට නම් කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අහෝසි කොට සන්ධානයේ එකඟතාව මත වෙනත් ලැයිස්තුවක් ගැසට් කළයුතු බව මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙස එම පක්ෂයේ උප ලේකම් සහ සන්ධානයේ විධායක සභික සෝමවීර චන්ද්‍රසිරි ගොනුකළ පෙත්සමින් ඉල්ලා තිබෙනවා. ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විශ්වා වර්ණපාල, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු පුද්ගලයන් 44 දෙනකු නම් කර ඇත. ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් තමන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව සෝමවීර චන්ද්‍රසිරි පවසනවා.

  • 40
  • 0
  • 0

ජාතික හැඳුනුම්පත් නොමැති වීමෙන් සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 50,000 ට විභාගය අහිමිවෙයිද ?

2015 අ‌ගෝස්තු මස 27 වැනිදා බ්‍රහස්පතින්දා

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් පනස් දහසකගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාල අයැදුම් පත් මෙතෙක් ලැබී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් පවසන්නේ ලබන සැප්තැම්බර් 10 වැනිදාට පෙර අදාල අයැදුම්පත් යොමුකළ යුතු බවත් , සැප්තැම්බර් මාසය අවසානයේදී හෝ ඔක්තෝබර් මාසයේදී යොමුකරන අයැදුම් පත් සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් හෙතෙම පවසයි. ඒ අනුව අයැදුම්පත් යොමු නොකළ පාසල්වල විදුහල්පතිවරුන් වහාම ඊට අවධානය යොමුකළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්‍ෂකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4කට අධිකය.

  • 32
  • 0
  • 0

ඇමතිවරු තිදෙනෙක් හදිසියේම දිවුරුම් දෙති .

2015 අ‌ගෝස්තු මස 24 වැනිදා සඳුදා

ජාත්‍යන්තර සමුළු කිහිපයක් නියෝජනය කිරීමේ අවශ්‍යතාවය මත විදේශ කටයුතු අමාත්‍ය ධූරය සඳහා මංගල සමරවීර ද අධිකරණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ පුණුරුත්ථාපන අමාත්‍යවරයා ලෙස ඩී එම් ස්වාමිනාදන් ද මෙලෙස හදිසි පත් කිරීම් සිදු කර ඇතැයි වාර්තා වනවා.

  • 108
  • 0
  • 0

අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වන ලෙස මානව හිමිකම් පරීක්ෂණයක් සිදුකරනවා - රනිල් වික්‍රමසිංහ

2015 අ‌ගෝස්තු මස 24 වැනිදා සඳුදා

අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්වන අයුරින් මානව හිමිකම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් සිදුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ‘ද හින්දු’ පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග පසුගිය රජය සබඳතා පැවැත්වූ ආකාරය පිළිගත නොහැකි බවය. යුද්ධය අවසන් කළද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පසුගිය රජය යුද්ධයෙන් එහා ගිය විසඳුම් පිළිබඳ අවධානය යොමු නොකළ බව අගමැතිවරයා පවසනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික පරීක්ෂණයකට යොමුව ඇති බවය වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ. දේශීය වශයෙන් පරීක්ෂණයක් නොපවැත්වීම යනු මෙරට අධිකරණයේ විශ්වසනීයත්වය බිඳ වැටීමක් බව අගමැතිවරයා පවසයි. උතුර, දකුණ බේදයක් නොකොට සියලූම ජනතාවට එකහා සමානව සැළකීමට නව රජය කටයුතු කරන බවයි වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

  • 91
  • 0
  • 0

බස්නාහිර පළාත් මහඇමැති ධුරයට තියුණු තරගයක්.

2015 අ‌ගෝස්තු මස 21 වැනිදා සිකුරාදා

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගනු ලබන බව ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පවසන්නේ, ජනාධිපතිවරයා ඊට සුදුසුම පුද්ගලයා පත්කරනු ඇති බවයි. කෙසේ වෙතත්, මේ වනවිට බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය තමන්ට ලබාගැනීම අරමුණින් එම පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. විජේරත්න පවසන්නේ, පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස තමන්ට ප්‍රධාන අමාත්‍ය ධුරය හිමිවිය යුතු බවයි.

  • 240
  • 0
  • 0

ජාතික ආණ්ඩුවකට සහාය ලබා නොදිය යුතුයි - සිවාජිලිංගම්

2015 අ‌ගෝස්තු මස 21 වැනිදා සිකුරාදා

ජාතික ආණ්ඩුවක් සඳහා තම පක්ෂය කිසිදු අවස්ථාවක සහාය ලබා නොදිය යුතු බව දෙමළ රාජ්‍ය පක්ෂයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා. දෙමළ ජනතාව මුහුණ දී සිටින ගැටලූ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු නව ආණ්ඩුවට තම පක්ෂයේ සහාය ලබා නොදිය යුතු බවය ඔහු පවසන්නේ. දෙමළ ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කළද, ඊට නිසි විසඳුමක් හිමි නොවූ බවත් ඒ හේතුවෙන් නව ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් නිසි විසඳුමක් ලබාදිය යුතු බවත් යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සිවාජිලිංගම් පවසා සිටියා.

  • 85
  • 0
  • 0

රනිල් වික්‍රමසිංහ නව අගමැති

2015 අ‌ගෝස්තු මස 18 වැනිදා අඟහරුවාදා

එක්සත් ඡාතික පක්ෂය වැඩි බහුතරයක් ලබාගෙන මැතිවරණය ජයගණය කර ඇති අතර රනිල් වික්‍රමසිංහ නව අගමැති වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අද පස්වරැවේ ඔහු නව අගමැති ලෙස දිව්රුම් දෙන බව සදහන්වෙයි.

  • 401
  • 0
  • 0

අද පස්වරුවේ සන්ධාන ලේකම් ධුරය ගැන සාමාජික පක්ෂ 3ක ලේකම්වරුන් කොමසාරිස් සමග සාකච්ඡාවක.

2015 අ‌ගෝස්තු මස 18 වැනිදා අඟහරුවාදා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු 13 දෙනෙකු පත්කර ඇති අතර.ඒ, පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි.පක්ෂ ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනෙකු පත් කිරීමේ හැකියාව තිබෙනවා.ඒ අනුව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ සාමාජිකයන් 13 දෙනෙකු ඊයේ දිනයේදී ඉවත් කර නව පත්වීම් සිදු කර තිබේ.අර්ජුන රණතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ සහ ඩිලාන් පෙරේරා ගේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය අහෝසි වී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීමටද මධ්‍යම කාරක සභාව ක්‍රියා කර ඇති බව සඳහන්. මේ අතර එක්සත් ජනතා නිදහස් සසන්ධානයයේ හවුල් කාර පක්ෂ තුනක ලේකම් වරුන් සමග මැතිවරණ කොමසාරිස්වරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.ඒ අනුව දේශවිමුක්ති ජනතා විමුක්ති පෙරමුණේ , මහජන එක්සත් පෙරමුණේ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ලේකම්වරුන් ඊට සහභාගී වීමට නියමිතයි. සන්ධානයේ මහලේකම් ධූරය සංශෝධනය වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවසදහන් . සන්ධානයේ වැඩබලන මහලේකම්වරයා ලෙස කටයුතු කරන මහාචාර්ය විශ්වා වර්ණපාල සමග පස්වරු 2.30ට මැතිවරණ කොමසාරිස්වරයා සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. වර්ණපාල ට එම ධුරය දැරීමට ඇති සුදුසුකම් පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.මේ අතර, හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් තවදුරටත් එම ධුරයේ කටයුතු කරන්නේ නම්, එය කෙසේ සිදුවන්නේද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පස්වරු 3ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

  • 881
  • 1
  • 0

නව අගමැති නිමල්

2015 අ‌ගෝස්තු මස 17 වැනිදා සඳුදා

එක්සත් නිදහස් සංධානය වැඩි බහුතරයක් ලබා ලගන මෙම මැතිවරණය ජයගණය කලහොත් අනිවාර්යෙන් නිමල් සිරිපාලද සිල්වා අගමැති වන බවදේශපාලන ආරංචි මාර්ග පවසයි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කොතරම් උත්සාහ කලද ඔහුට අගමැති දූරය ලබා නොදීමටතීරණය කර ඇති අතර ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු පහසු කර ගැනීම සදහා අද පස්වරැවේ සංශෝධනය කල පක්ෂ මධ්‍යම කාරක සභාව ඉවහල් කරගනු ඇති බව සදහන්.

  • 511
  • 1
  • 0