ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධි ධීවර කටයුතු නිරීක්ෂණය සඳහා ස්වේච්ඡා සාගර හමුදාවක් ස්ථාපිත කිරීමට යෝජනා

ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධි ධීවර කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ස්වේච්ඡා සාගර හමුදාවක් ස්ථාපිත කිරීමට යෝජනා කරමින් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරයි. උතුරු පළාත් මුහුදු තීරයේ ඉන්දීය ධීවර බෝට්ටු ආක්‍රමණය හේතුවෙන් උතුරේ ධීවරයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවන බැවින් ඒවා වැළැක්වීමට ධීවර ඇමතිවරයා මේ සංදේශය ඉදිරිපත් කර තිබේ. මෙරට මුහුදු තීරයට ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම වැළැක්වීමට ශ්‍රී ලංකා ධීවරයන් විවිධ උත්සාහයන් දරන බවත් ඒ අයට සහාය දීම වෙනුවෙන් මේ ස්වේච්චා සාගර හමුදාව ස්ථාපිත කිරීමට යෝජනා කළ බවත් ඇමතිවරයා සඳහන් කරයි.