හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩි ලෙස කැපවෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියයි

ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති ‘හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩි ලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

ඇමතිවරයා මේ බව සදහන් කළේ හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝග මැඩපැවැත්වීම ආශ්‍රිතව සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය, චීන විද්‍යා ඇකඩමිය සහ මෙරට විද්වතුන්ගේ සහයෝගීතාවයෙන් ඒකාබද්ධව සිදු කළ පර්යේෂණ එළිදැක්වීම වෙනුවෙන් ඊයේ (14) බත්තරමුල්ල දී පැවති වැඩමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

මෙම පර්යේෂණ මගින් සොයා ගත් කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි කාලයේ අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ හැකි තත්වයන් පිළිබද නිර්දේශ කිරීමට නියමිත අතර එම නිර්දේශ වකුගඩු රෝගයේ ව්‍යාප්තිය අවම කර ගැනීම සදහාත්, ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහාත් ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහාත් දායක කර ගැනීමට යෝජිතය.