පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
පරණ නාම යෝජනා අහෝසි කිරීමෙන් 2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද දායකයන් ලක්ෂ දහයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබිණ.