මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. පවතින අධික තදබදයට විසඳුමක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිතය. කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් සැපයීමට මෙමඟින් බලපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.