කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පුරන් කුඹුරු වැඩි වශයෙන් පවතින්නේ බස්නාහිර පළාතේ බැවින් බොහෝ දෙනෙක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා අවසර ඉල්ලන නමුත් ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. එහෙයින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. March 14, 2024 649 Views lankaenewsadmin March 14, 2024