ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ. මේ අතර අද දිනයේ දී ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වෙන්නේ රු. 306.26 ක් ලෙසිනි.