ඉන්ධන මිල පහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගනී. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 332 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු වී ඇති අතර, එහි නව මිල රුපියල් 377කි. එසේම, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 307ක් වනු ඇත. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 352 කි. මේ අතර, ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.