ජනපතිට සහාය දුන්නත් එජාපයට යන්නේ නැ – මහින්ද අලුත්ගමගේ

2024 ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් සහය ලබාදුන්නද කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය පාක්ෂිකයන් දැනුවත් කිරිමට (30) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමිණි.