මහ මැතිවරණය පිළිබඳව කොමිසමෙන් ඉඟියක්

ජනාධිපතිවරණයෙන් දින 66 කට පසුව මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා තමන් හා වැඩ කිරීමට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඉඩක් පවතින බව ද ඔහු පෙන්වාදෙයි. එසේ වුවහොත් සති 5 ක් හෝ 7 ක් ඇතුළත නාමයෝජනා කැඳවා, දින 66 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවන බව ද රත්නායක මහතා කියාසිටී.