අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම මාර්ගගත ක්‍රමයට

අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමට හැකියාව තිබේ. ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබූ අතර අද සිට එය සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇත. මේ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “දුන්හිඳ ඔඩිසි” නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.