ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලීසියේ 54,000 ක්

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 54,000 ක් මෙවර ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කරන බව මැතිවරණ මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පවසයි. එමෙන් ම, ඡන්ද මධ්‍යස්ථාන 13,000 කට වැඩි සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණය සඳහා පිහිටුවන අතර, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 45 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කෙරෙන බව ද ඔහු කියාසිටී. මැතිවරණ කාලසීමාව තුළ නීතිවිරෝධී පෝස්ටර් හා දැන්වීම් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1,500 ක පමණ පිරිසක් ද යොදවා ඇත.