වියළි කාලගුණික තත්ත්වයට මුහුණ දීමට පූර්ව සැලසුම් සකස් කෙරේ

වියළි කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි. පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පුරෝකථනවලට අනුව මාර්තු මස අග භාගයේදී හා අප්‍රේල් මාසයේ වර්ෂාව ලැබෙන බව දැනුම් දී තිබුණ ද, එම වර්ෂාපතනයන් හි යම් කිසි අඩුවක් සිදුවුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් ඒ සඳහා පූර්ව සැලසුම් යොදා ඇති බව හෙතෙම කියාසිටියේය.