ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා සහන කාලයක් ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා තිබේ. අදාළ මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි. March 22, 2024 1.2k Views lankaenewsadmin March 22, 2024