රටේ බදු ගෙවන ජනතාවගේ සෑම රුපියලකටම වගකියන ආකාරයෙන් කටයුතු කරමින් කර්මාන්තකරුවන් සහ මහජනතාව ගෙවන බදු වලට සැබෑ සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ(19) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිය තනතුරේ රාජකාරී ආරම්භ කරමිනි. නාස්තිය, දූෂණය හා අකාර්යක්ෂමතාව නිසා බිඳ වැටුණු රාජ්‍ය ව්‍යාපාර නඟා සිටුවීමට නව රජය සූදානම් බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.