දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එම නියෝජිතයින් පිරිස අද (18) දිනයේ දී මහ බැංකු නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා කරනු ඇත. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැතිඇමතිවරුන් මුණ ගැසීමට ද එම කණ්ඩායම සැලසුම් කර තිබේ.
අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිතය. මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිතය.