දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට ආරම්භ වීමට නියමිත ය. කතානායකවරයා ඇතුළු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදු කෙරේ.
මහ මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරන මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 225කි. ඔවුන් සහභාගි වන පළමු සභාවාරයේ ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරියටයි.