10 පාර්ලිමේන්තුව සඳහා සභිකයින් පත් කර ගැනීමේ මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 159ක් දිනා ගනිමින් අතිවිශිෂ්ට ජයග්‍රයහණයක් හිමි කර ගනී.

පුනරුද ගමන ඇරඹීමට උරදුන් සියලු දෙනාට තමා ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මෙවර මහ මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මුළු රටම එකම ජාතික නායකයෙකු කෙරෙහි විශ්වාසය තැබූ පළමු අවස්ථාව ලෙස සටහන් වේ. උතුරේ දෙමළ ජනතාව ප්‍රථම වරට ජාතික නායකයෙකු කෙරෙහි තැබූ විශ්වාසය මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වී තිබීම විශේෂත්වයක් වන බව දේශපාලන විචාරකයින් මත පළ කර ඇත.