විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවගේ දරුවන් වෙනුවෙන් නව රජය යටතේ‘රටවිරු දරුදිරි ඒකකය’නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
විගමනික ශ්‍රමික දරුවන්ගේ රැකවරණය සහ විශේෂ ආරක්ෂාව සඳහා ඔවුන් වෙනුවෙන් මෙම විශේෂ ඒකකය ස්ථාපිත කෙරේ.
කාර්යාංශය විසින් දැනටමත් ක්‍රියාත්මක කරන විගමනික ශ්‍රමික සුභසාධන වැඩසටහන්වලට අතිරේක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරියේ සහාය මේ සඳහා ලබාගන්නා අතර ඒ අනුව මෙම ඒකකය යටතේ විගමනික ශ්‍රමික දරුවන් වෙනුවෙන් උපදේශන සේවා, රැකවරණ, අධ්‍යාපන කටයුතු විධිමත් කිරීම වැනි තවත් කටයුතු රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා වේ.