අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වන බව අගමැතිනිය පවසයි

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම පිළිබඳ සතුටු වන බවත්, එසේම එම විෂයේ පවත්නා භාරදූර වගකීම මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය.