IMF තුන්වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ගත් තීරණ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වන වැඩසටහනේ තෙවන සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

ප්‍රතිපත්ති අඛණ්ඩව අනුගමනය කිරීමේදී නව රජය පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් ය.