ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේබැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේබැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය ඉන්දියානු සංචාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.