සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‍‍බේ.

ඒ අනුව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වන දින පළකර තිබූ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කරුණු සංශෝධනය කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ‍, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63ක් විය යුතුයි. මෙම නිවේදනයේ විධිවිධාන 2023 ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් වේ.