දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය වව්නියාවේ ඊයේ (10) සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
බෙදී වෙන්වී ඉදිරියට යා නොහැකි අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව නියෝජනය කෙරෙන ව්‍යාපාරයක් ගොඩ නැඟිය යුතුව තිබේ. විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන ඇති උතුරේ ඉඩම් යළි එම ජනතාවට ලබාදෙන බවත්, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.