ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(21) නව පාර්ලිමේන්තු සභාවාරය සඳහා පැමිණියේ ය. අනතුරුව රාජාසන කතාව සිදු කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ජනතාව සිය වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් පැවසු ජනාධිපතිවරයා යළි ජාතිවාදී දේශපාලනයට කිසිදු ඉඩක් නොමැති බව ද ප්‍රකාශ කර ඇත.